Place your ad here

Author News One

නිදහස් පක්ෂය ජනපති හමුවෙයි – සාකච්ඡාවේ ප්‍රතිඵල මෙන්න

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයින් අතර අද (26) පෙරවරුවේ පැවැති සාකච්ඡාව ඉතාමත් සාර්ථක වූ බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා. එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඒ බව පැවසීය.

රට සම්පූර්ණයෙන්ම විවෘත වන දිනය

මෙරට අවුරුදු 30ට වැඩි සියලු දෙනාට කොරෝනා එන්නත ලබා දුන් පසු රට සම්පූර්ණයෙන්ම විවෘත කරන බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරනවා . ලබන සැප්තැම්බර් මාසය වන විට අවුරුදු 30ට වැඩි සියලු දෙනා එන්නත්කරණයට ලක් කළ රට බවට ශ්‍රී ලංකාව පත්වන බවත් ඉන් පසුව රට සම්පූර්ණයෙන් විවෘත කිරීමට හැකියාව ලැබෙන බවත් ගුණවර්ධන මහතා…

සාමාන්‍ය පෙළ පැවැත්වෙන දිනයන් නිවේදනය කෙරේ

2021 වසර සඳහා වන සාමාන්‍ය පෙළ විභාගය 2022 වසරේ පෙබරවාරි මස 21 වන දින සිට මාර්තු 03 වන දින දක්වා පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා පවසනවා. අද(26) කොළඹදී දී පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. සාමාන්‍ය කාලසටහන අනුව ශ්‍රී ලංකාවේ සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන්නේ දෙසැම්බර් මාසය තුළ වුවත් දැනට පවතින කොරෝනා…

වනෝද්‍යාන යළි ඇරේ. ලාංකිකයින්ට සංචාරය කරන්න වරම්

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් පසුගිය කාලයේ වසා තැබූ සියලුම ජාතික උද්‍යාන අද (26) සිට යළි දේශීය සහ විදේශීය සංචාරකයින්ට විවෘත කරන බව වනජීවි දෙපාර්තමේන්තුව පවසනවා. මෙලෙස විවෘත කෙරෙන ස්ථාන වල දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක වන බවයි වාර්තා වන්නේ. යාල, උඩවලව, හෝටන්තැන්න සහ මින්නේරිය ජාතික උද්‍යාන විදේශීය සංචාරකයින් සඳහා පසුගියදා විවෘත කරනු ලැබුවා. මේ අතර මිරිස්ස…

පබා අත්අඩංගුවේ – තරුණයෙක් වාහනයට යට කරලා

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි, රංගන ශිල්පි උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය රිය අනතුරක් සම්බන්ධයෙන් කටුගස්තොට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පසුගිය 24 වනදා රාත්‍රියේ ඇය පදවමින් සිටි රථයේ යතුරු පැදියක පැමිණි 18 හැවිරිදි තරුණයෙක් ගැටීමේ සිදුවීමක් සම්බන්ධයෙනි. මෙම තරුණයා මේ වන විට පෙරාදෙණිය රෝහලේ ප්‍රතිකාර ලබන අතර අනතුර සිදුවී ඇත්තේ කටුගස්තොට පොලිස් බල ප්‍රදේශයේ නුගවෙල ප්‍රාදේශීය ලේකම්…

සුරූපී කෞෂි අගමැති කාර්යාලයෙන් එළියට විසිවෙයි

අග්‍රාමාත්‍ය සම්බන්ධීකරන නිලධාරිනියක් වශයෙන් පත්වීම් ලද නිවේදිකාවක් සහ නිරූපන ශිල්පිණියක් වන කෞෂි වෙඩික්කාරච්චි මහත්මිය එම තනතුරෙන් ඉවත් කර ඇති බවට වාර්තා වනවා. අගමැති කාර්ය මණ්ඩලයේ බොහෝ දෙනෙක් මෙම පත්කිරීම සම්බන්ධයෙන් නොසතුට පල කිරීම සහ එම තනතුර ලබාදීම ගැන අග්මැති කාර්ය මණ්ඩලය දැනුවත් කිරීමක් කර නොතිබීම වැනි හේතූන් නිසා මෙම පත්වීම යළි ආපසු හැරවීමට කටයුතු කර…

රිෂාඩ්ගේ ගෙදරදී දැරියන් අ පයෝජනය ගැන හොයන්න රටම දන්න වරුණි කොළඹට

රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ සේවය කළ තවත් තරුණියන් 8 දෙනෙකු ලිං ගික අතවරයකට හෝ වෙනයම් පහරදීම්වලට, අඩන්තේට්ටම්වලට ලක්වී ඇත්දැයි සෙවීම සඳහා වරුණි බෝගහවත්ත මහත්මිය කොළඹට කැඳවා තිබෙනවා. ඇය මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිවරිය ලෙස රාජකාරි කරමින් සිටි අතර ඇය සමඟ නිලධාරිනියන් හා නිලධාරීන් කිහිපදෙනකුද මෙම පරීක්ෂණය සඳහා සහය වීමට කොළඹට කැඳවා තිබෙනවා. මෙම…

තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා බවින් නිදහස් කෙරේ

අද උදෑසන 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා බවින් නිදහස් කර තිබෙනවා. මෙලෙස නිදහස් කර තිබෙන්නේ දිස්ත්‍රික්ක දිස්ත්‍රික්ක 5ක ග්‍රාම නිලධාරී වසම් හයක් වන අතර ඒවා පහත පරිදි වේ. කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල පොලිස් වසමේ මලවිට ග්‍රාම නිලධාරී වසමේ 03 කොටස රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම පොලිස් වසමේ පරගල ග්‍රාම නිලධාරී වසම ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය…

ලීටර් 18 ගෑස් සඳහා දිස්ත්‍රික්ක අනුව නව මිල ගණන් ගැසට් කෙරේ.

අද සිට ක්‍රියාත්මක වන පරිදි ලීටර 18(කිලෝ ග්‍රෑම් 9.8) ගෑස් සිලින්ඩරයක් විකිණිය හැකි උපරිම සිල්ලර මිල සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන් පරිදි එක් එක් දිස්ත්‍රික්කය සඳහා වන උපරිම සිල්ලර මිල පහත පරිදි වනවා. කොළඹ – රු.1150 ගම්පහ – රු.1150 කළුතර – රු.1158 පුත්තලම – රු.1174 කෑගල්ල – රු.1178 කුරුණෑගල – රු.1177…

1 2 3 41
Place your ad here