Place your ad here

Browsing: විදේශීය

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයට හදිසි තත්ත්වයක් ප්‍රකාශය කෙරේ

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ කොවිඩ් -19 ව්‍යාප්තිය හදිසි තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා. සිඩ්නි නගරයේ දෛනිකව වාර්තා වන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යමින් පැවතීම හේතුවෙන් එරට සෞඛ්‍ය අංශ විසින් එය හදිසි තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය හේතුවෙන් මෙලෙස ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ ගියා. ඊයේ දිනයේ කොවිඩ් ආසාදිතයින් 136…

අලි බබාට චීනයෙන් අලි දඩයක්

චීනය තුළ ක්‍රියාත්මක දැඩි අන්තර්ජාල නියාමන නීති කඩකිරීමට අදාළ පැමිණිලි 22ක් විභාග කොට එහිදී වැරදිකරුවන්වීම හේතුවෙන් සුප්‍රකට අලිබබා සමාගම ඇතුලු චීනයේ තවත් ප්‍රධාන අන්තර්ජාල වෙළෙදාමේ නිරත සමාගම කිහිපයක⁣ට එරෙහිව චීන බලධාරීන් විශාල දඩ මුදලක් පනවා ඇතැයි වාර්තා වේ. මෙම සමාගම් ලැයිස්තුවට සුප්‍රකට ටෙන්සෙන්ට්, ඩිඩි ටෂින්ග් ඇතුලු සමාගම් කිහිපයක්ද ඇතුළත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරේ. මෙම…

හයිටි ජනපති ප්‍රහාරයකින් ජීවිතක්ෂයට

ආයුධ සන්නද්ධ පිරිසක් විසින් හයිටි ජනාධිපති ජොවෙනෙල් මොයිස් ගේ (JOVENEL MOISE ) නිවසට එල්ල කළ ප්‍රහාරයකින් ඔහු ජීවිතක්ෂයට පත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එම ප්‍රහාරයෙන් ජනාධිපතිවරයාගේ බිරිඳ තුවාල ලබා ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

මඟීන් 85කට වැඩි පිරිසක් රැගත් පිලිපීන ගුවන් යානයක් අනතුරට(video)

පුද්ගලයින් 85 දෙනෙකුට වැඩි පිරිසක් රැගත් දකුණු පිලිපීන හමුදා ගුවන්යානයක් අනතුරට පත්ව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙලෙස අනතුරට පත්ව ඇති නම් හමුදා ගුවන් යානයේ සුන්බුන් අතර සිටි 40කට ආසන්න පිරිසක් මුදාගෙන ඇති බවයි. තවදුරටත් මුදාගැනීම් කටයුතු ක්‍රියාත්මක බවට වාර්තාවේ. කෙසේ නමුත් අනතුරට හේතුව පිළිබඳව නිශ්චිත තොරතුරක් තවමත් දැනගන්නට නෑ. අනතුර සම්බන්ධයෙන් අප වෙත ලැබුණු…

යුද ගැටුම් හේතුවෙන් ඉතියෝපියාවේ ලක්ෂ 4කට අධික පිරිසකට සාගතයක්

ඉතියෝපියාවේ ටයිග්‍රේ හි 400,000 කට අධික පිරිසක් මේ වන විට සාගතයෙන් පෙළෙන අතර තවත් මිලියන 1.8 ක් පමණ එම තත්ත්වයට ගොදුරු වීමේ අවධානමක් පවතින බව විදෙස් මාධ්‍ය පවසනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ ළමයින් 33,000 ක් පමණ මන්දපෝෂණයෙන් පෙළෙන බවයි මාස 08 ක පමණ කාලයක් තිස්සේ ඉතියෝපියානු රජය සහ ටයිග්‍රේ හි කලාපීය හමුදාවන් සමඟ පවතින ගැටුම්…

ලොවම කම්පා කරමින් ජපානයේ සිදුවූ නායයෑම

අධික වර්ෂාපතනය හේතුවෙන් මධ්‍යම ජපානයේ අටාමි ප්‍රදේශයේ ඇති වූ නාය යෑමේ තත්ත්වයක් හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 20ක් අතුරුදහන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එරට වෙරළාරක්ෂක බලකායට මළ සිරුරු දෙකක් පමණක් මේ වන විට සොයා ගැනීමට හැකි වී තිබෙනවා. ඒ පිළිබඳව වන දර්ශන පහතින්.

මුහුද මැද අමුතු ගින්නක් (video)

මෙක්සිකෝ බොක්කෙගි සාගර පතුලින් විහිදෙන ලෙස ඉදිකර තිබූ ගෑස් නල පද්ධතිය සිදු වූ කාන්දුවීමක් හේතුවෙන් සාගර ජලය තුල ගින්නක් හටගන තිබේ. මෙහිදී ඇති වූ ගින්න පාලනය කිරීමට අදාළ අංශ වලට එම ස්ථානයට ලගා වීම පවා මහත් අසීරු වී ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරේ. මෙම ගෑස් කාන්දුව හටගන තිබෙන්නේ ජල මතුපිට සිට 150m පමණ ගැඹුරු…

කොරෝනා එන්නත යැයි කියා සේලයින් ගහලා – ඉන්දියාවේ ජාවාරමක්

කොවිඩ් එන්නත් ලබාදෙන බවට පවසමින් සාමාන්‍ය සේලයින් දියර සහ ප්‍රතිජීවක ඖෂධ ලබාදීමේ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වෙනවා. ඉන්දියාවේ මුම්බායි නගරයේ 2000කට සහ කොල්කටා නගරයේ පුද්ගලයන් 500කට පමණ මෙලෙස ව්‍යාජ කොවිඩ් එන්නත් ලබාදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. සිදුවීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් 10 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර මුම්බායි පොලිසිය පැවසුවේ තමන්ට එන්නත ලබා දෙනු…

සහයිකාව සිපගැනීමේ වගකීම භාර ගෙන සෞඛ්‍ය ලේකම් ඉල්ලා අස් වෙයි(video)

කොවිඩ්-19 නීති උල්ලංඝනය කිරීම පිළිබඳ බ්‍රිතාන්‍ය රජයේ සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක්ට එරෙහිව එරට වැසියන්ගෙන් එල්ල වුණු දරුණු විරෝධය හමුවේ ඉල්ලා ඔහු අස්වී තිබේ. එයට හේතුව ලෙස සැලකෙන්නේ මැයි හය වෙනි දා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ලන්ඩන් මූලස්ථානයේදී ඔහුගේ ඉහළම සහායිකාව ලෙස සැලකෙන ජිනා කොලඩන්ජෙලෝ සමඟ සිප ගන්නා වීඩියෝවක් නිකුත් වී තිබීමයි. ඒ වන විට බ්‍රිතාන්‍යයේ කොවිඩ්-19 නීති…

හොංකොං රාජ්‍යයේ අවසන් ප්‍රජාතන්ත්‍රවාදී පුවත්පතත් චීන ආධිපත්‍යයෙන් වසා දැමේ

චීනයේ ආධිපත්‍යයෙන් මිදී ස්වාධීන රාජ්‍යයක් බවට පත්වීමට හොංකොං වැසියන් කලක සිට සිදු කළ අරගල සඳහා සහයෝගය ලබාදුන් හොංකොං දේශයේ එකම ප්‍රජාතන්ත්‍රවාදී පුවත්පත වන ඇපල් ඩේලි පුවත්පත මුද්‍රණය කිරීම සම්පූර්ණයෙන්ම නවතා දැමීමට තීරණය කළ බව පුවත්පත ප්‍රකාශයට පත් කරන නෙක්ස්ට් ඩිජිටල් ලිමිටඩ් හි අධ්‍යක්ෂ මණ්ඩලය කණගාටුවෙන් යුතුව දැනුම් දී තිබෙනවා. චීනය විසින් හොංකොන් රාජ්‍යයට හදුන්වා දී…