Place your ad here

Monthly Archives: June, 2021

පාන් ගෙඩියක මිල රුපියල් 10කින් ඉහළට

ලබන සතියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාන් රාත්තලක මිල රුපියල් 10කින් පමණ ඉහළ දැමීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරයි. සංගමයේ සභාපති සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පෙන්වා දෙන්නේ තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 18 කින් ඉහල දැමීම හේතුවෙන් මෙම පියවර ගත් බවය. මීට පෙර ඉන්ධන මිල වැඩි කිරීම නිසා පාන්…

ශානි අබේසේකර විශ්‍රාම දිවියට

මෙරට පොලිස් සේවාවට විශිෂ්ඨ සේවයක් සිදු කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා අද (30) විශ්‍රාම දිවියට එළැඹුනා. ආධුනික උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස 1986 වසරේදී පොලිස් සේවයට එක්වූ ශානි අබේසේකර මහතා වසර 35ක් සිය මෙහෙය ශ්‍රී ලංකා පොලිස් සේවය සඳහා ඉටුකර තිබෙනවා. ඔහු මෙරට අපරාධ පරීක්ෂණ ක්ෂේත්‍රයට ලබා දුන් සුවිශේෂ දායකත්වය අතරට 2009…

කුසල්,ධනුෂ්ක,දික්වැල්ලට වසරක තරඟ තහනමක් කතාවේ ඇත්ත නැත්ත

පසුගිය 27 වෙනිදා මධ්‍යම රාත්‍රියේදී එංගලන්තයේ නගරයේ මාර්ගයක සැරිසැරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිරෝෂන් දික්වැල්ල, කුසල් මෙන්ඩිස් සහ දනුෂ්ක ගුණතිලක යන ක්‍රීඩකයින් තිදෙනාට වසරක අන්තර්ජාතික තරඟ තහනමක් පනවා ඇති බවට සමාජ ජාලා වල හුවමාරු වන ප්‍රවෘත්තිය අසත්‍යයක් බව ඒ සම්බන්ධයෙක් සිදුකල විමසීමකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කලා. මේ අතර කුසල්…

ඊයේ කොරෝනා මරණ 47ක්. මියගිය පුද්ගලයින්ගේ තතු

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනය කර ඇති පරිදි ඊයේ(29) දිනය තුල පමණක් කොරෝනා මරණ 47ක් වාර්තා වී තිබෙනවා. ඉන් 31ක් කාන්තාවන් වන අතර සෙසු මරණ 16 පිරිමි පුද්ගලයින් වේ. එම මරණ 45ත් සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ ගණන 3,077ක් දක්වා ඉහළ යනවා. එම මරණ පිළිබඳව වන නිවේදනය පහත පරිදි වේ.

පළමු පුරවර විශ්වවිද්‍යාලය කෑගල්ලට

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම යටතේ දිස්ත්‍රික් මට්ටමින් ආරම්භ කිරීමට කටයුතු කර ඇති පුරවර විශ්වවිද්‍යාල (City University ) ව්‍යාපෘතියේ ප්‍රථම විශ්වවිද්‍යාලය කෑගල්ල රඹුක්කන පින්නවල දී ආරම්භ කෙරේ. ඒ ඒ දිස්ත්‍රික්වලට ආවේණික කේෂ්ත්‍ර ඉලක්ක කර ගනිමින් මෙම පුරවර විශ්ව විද්‍යාල ලංකාවේ සෑම නගරයක්ම ආවරණය වන පරිදි ආරම්භ කිරීමට නියමිතය. මෙහි අධ්‍යාපනය ලැබීම සඳහා අධ්‍යාපන පොදු සහතික…

මැදපෙරදිග රටවල් 6ක සිට මෙරටට පැමිණීමට තිබූ තහනම ඉවතට

මැදපෙරදිග රටවල් 6ක සංචාරය කර මෙරටට පැමිණීමට පනවා තිබු තහනම ඉවත් කළ බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා සඳහන් කරයි. මෙලෙස තහනම ඉවත් වූ රටවල් වන්නේ කටාර්, ඕමානය, සෞදි අරාබිය, බහරේනය, කුවේට් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයි. කෙසේ නමුත් මෙම රටවල් වලින් මෙරටට පැමිණෙන පුද්ගලයෙක් අදාල ගුවන් සමාගම හෝ තානාපති කර්යාල නිර්දේශ…

මාධ්‍ය ඉදිරියේ විකිණෙන අපේම දරුවන්

ඉස්සර මම පන්ති ඇරිලා හවස ඔෆිස් වල වැඩකරපු අයවත් ඇදගෙන හති ඇර ඇර කැළණි වැලි පාරේ යන කෝච්චිය අල්ලගන්න නුගේගොඩ හන්දියෙන් වමට හැරිලා ස්ටේශම පැත්තට යනවා.බී ඕ සී බැංකුව ඉස්සරහ බිම ඉටි රෙද්දක් එලාගෙන සීයා කෙනෙක් ඉන්නවා.කකුලේ ලොකූ තුවාලයක්.ඒක දුඹුරු පාට රෙද්දකින් ඔතලා.මැස්සෝ පොර කකා තුවාලේ වහනවා.නුගේගොඩ හන්දියෙන් බෝස් ගාලා යන වාහන වලින් එන දුමයි…

දුම්රිය වර්ජනය නවතී. සවස් වරුවේ දුම්රිය ධාවනය වන්නේ මෙහෙමයි

දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමට විද්‍යුත් ක්‍රමවේදයක් හඳුන්වාදීමේ වැඩසටහනේ මුදල් වංචාවක් සිදුවීම ගැන බලධාරීන් පියවර නොගැනීම මුල් කරගනිමින් දුම්රිය රියදුරු, දුම්රිය නියාමක සංගම් ඇතුළු වෘත්තීය සංගම් 34ක් අද(30) උදෑසන 8.00 සිට ආරම්භ කල වැඩ වර්ජනය අවසන් කර තිබෙනවා. ඒ ඔවුන් විෂය භාර අමාත්‍යවරයා සමඟ කල සාකච්ඡාවකින් අනතුරුවයි. වැඩ වර්ජනය අවසන් වීමත් සමඟ සවස් කාලයේ පෙර…

එකම පන්සලේ ස්වාමීන් වහන්සේලා 26 නමකට කොරෝනා

එකම පන්සලේ ස්වාමීන් වහන්සේලා 26 නමකට කොරෝනා වෛරසය ආසාදනය වීමේ පුවතක් කළුතර වාද්දූව ප්‍රදේශයෙන් වාර්තා වනවා. මෙලෙස කොරෝනා ආසාදනය වී තිබෙන්නේ වාද්දූව ගනේවත්ත පුරාණ විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලා 26 නමකටයි. විහාරස්ථානයේ වැඩ වසෙන ස්වාමීන් වහන්සේලා කිහිපනමකට ඇති වු රෝගී තත්ත්වයක් මත සිදුකළ ඇන්ටිජන් පරීක්ෂණවල දී මෙලෙස කොවිඩ් වැළඳී ඇතැයි හෙළිව ඇති අතර ගිහියන් තුන් දෙනෙකුට රෝගය…

“මාව ක්‍රිකට් විනය උපදේශක කරන්න. ක්‍රීඩකයින්ගේ විනය හදලා දෙන්නම්”

බුදු දහමේ එන ඉගැන්වීම් භාවිතා කරමින් ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ගේ විනය සෑදිමට හැකි බවත්,ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ විනය උපදේශක තනතුරක් මහා සංඝ රත්නයට ලබා දෙන ලෙසත් ජනසෙත පෙරමුණේ නායක, බත්තරමුල්ලේ සීලරතන හිමියෝ ඉල්ලා සිටිති. ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ ක‍්‍රීඩකයන් කිහිප දෙනෙකු එංගලන්ත සංචාරය අතර තුර දී විනය විරෝධීව හැසිරීම මූලික කර ගනිමින් සීලරතන හිමි මේ බව පවසා…

1 2 3 10
Place your ad here