Place your ad here

Daily Archives: July 12, 2021

දුමින්ද සිල්වා හා අගමැති මහින්ද අතර හමුවක්

ජනාධිපති සමාව ලැබූ දුමින්ද සිල්වා මහතා අද සවස අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවී තිබෙනවා. එය ඔහු ජනාධිපති සමාව ලැබීමෙන් පසුව අගමැතිවරයා හමුවූ පලමු අවස්ථාවයි. දුමින්ද සිල්වා මහතා 2011 ඔක්තෝබර් මාසයේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීම පිළිබඳව වැරදිකරුවී මරණ දඬුවම හිමිව සිටි අතර පසුගිය පොහොය දිනයේ ජනාධිපති…

රියදුරෙක් නැති බස් එකක් ජර්මනියෙන්

ජර්මනිය නව නිපැයුම් කිරීම අතින් ඉදිරියෙන්ම සිටින රටක් ලෙස හැඳින්වීමට හැකියි. මෙවර ඔවුන් ප්‍රවාහන ක්ෂේත්‍රයේ ප්‍රථම වතාවට රියදුරෙක් රහිත බස් රථයක් සාර්ථකව අත්හදා බලා තිබෙනවා. ඩොයිෂ් බාන් නැමැති දුම්රිය සමාගමට අයිති මෙම අපූරු බස් රථය ඊසිමයිල්නම් සමාගම විසින් නිෂ්පාදනය කරන ලද්දකි. මෙම බස් රථයේ ප්‍රථම ගමන සඳහා මගීන් 6 දෙනෙක් සම්බන්ධ වී ඇත.මෙහි විශේෂත්වය වන්නේ…

වනිදුගේ පාසල් පුහුණුකරු ජාතික කණ්ඩායමේ පුහුණුකරුවන් අතරට

ගරාන්ට් ෆල්වර් කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් දැනට පුරප්පාඩු වී තිබෙන ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු තනතුරේ තාවකාලීකව වැඩ බැලීම සඳහා වයස අවුරුදු 19 න් පහළ ප්‍රධාන පුහුණුකරු ධම්මික සුදර්ශන පත් කර තිබෙනවා. ධම්මික සුදර්ශන ගාල්ල ‍රිච්මන්ඩ් විද්‍යාලයේ හිටපු ප්‍රධාන පුහුණුකරු වන අතර ධනංජය ද සිල්වා, වනිදු හසරංග , චරිත් හසලංක, කමිදු මෙන්ඩිස් , ධනංජය ලක්ෂාන් ක්‍රීඩකයින්…

පලාත් අතර යන්න බස්, දුම්රිය සේවා ඇරඹේ

සංචරණ සීමා ලිහිල් කිරීමත් සමඟ එළඹෙන බදාදා දිනයේ සිට අත්‍යවශ්‍ය රාජකාරි සඳහා පළාත් අතර සීමිත බස් සහ දුම්රිය ධාවනය ආරම්භ කර බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. මෙම ක්‍රමවේදය තුන්වෙනි කොරෝනා රැල්ලාඅරම්භ වීමට පෙරද ක්‍රියාත්මක වූ අතර එහිදී ක්‍රියාත්මක වූ නීති රීතීන්ට අනුකූලවම මෙවරත් පළාත් අතර ප්‍රවාහන සේවා ආරම්භ කරන බව ඔහු වැඩිදුරටත්…

පහළොස්වියැති දැරිය අපයෝජනයට සම්බන්ධ ප‍්‍රසිද්ධ බෞද්ධ භික්ෂුව කවුද…?

ගල්කිස්ස ප්‍රදේශයේ 15 හැවිරිදි දැරියක් අන්තර්ජාලය ඔස්සේ ලිංගික කටයුතු සඳහා විකිණීමේ සිදුවීම සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීනි රෝහිණී කවිරත්න මහත්මිය අදහස් පල කරා. මේ වන විට, දැරිය අපයෝජනය කළ පුද්ගලයන්ගේ සංඛ්‍යාව ඉලක්කම් තුනේ සීමාව ඉක්මවා ගොස් ඇති බවත්, පරීක්ෂණ කටයුතු ”කොටුව” ප‍්‍රදේශයෙන් අවසන් වීමට යන බවත්, ඉතා හොදින් සිදු කරමින් පැවති…

පාසල් නැවත විවෘත කිරීම ගැන ඇමති ජී එල් ගෙන් ඉඟියක්

පාසල් ආරම්භ කිරීමේ පළමු පියවර ලබන අගෝස්තු මාසයේදී ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි. මුළු රට ම විවෘත කිරීමේ වැඩපිළිවෙළේ අන්තර්ගත කොටසක් ලෙස පාසල් ගුරුවරුන් සඳහා කොරෝනා එන්නත් ලබාදීමෙන් පසුව මෙම පාසල් යළි ආරම්භ කිරීමේ වැඩපිළිවෙල ආරම්භ කරන බව පාසල් ගුරුවරුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල සඳහා කොවිඩ් මර්දන එන්නත්…

දොස්තර නෝනා ඇඳුම් මාරු කරද්දී ෆොටෝ ගත් වෛද්‍යවරයා අත්අඩංගුවට

සිය නේවාසිකාගාරය තුළ ඇඳුම් මාරු කරමින් සිටි වෛද්‍යවරියකගේ ඡායාරූප ගත් බව කියන රාගම රෝහලේ සේවය කරන වෛද්‍යවරයෙක් අත්අඩංගුවට ගත් පුවතක් ලංකාදීප පුවත්පත වාර්තා කරයි. එම වෛද්‍යවරිය රාත්‍රී 8.45ට පමණ සේවය නිමා කර පැමිණ සිය නේවාසිකාගාරයේ ඇඳුම් මාරු කරමින් සිටියදී සිටියදී අදාළ වෛද්‍යවරයා ඡායාරූප ගත් බවට ලැබුණු තොරතුරක් අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු වූ බවයි පොලීසිය…

වැඩිම කොරෝනා අවදානම බස්නාහිරින් ගාල්ල දෙසට

ඊයේ (11) දිනයේ මෙරටින් කොවිඩ් ආසාදිතයන් 1507ක් වාර්තා උනා. ඉන් වැඩිම ආසාදිතයින් වාර්තා වී ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 239ක්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 211ක් ද කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 142ක් ද ඊයේ වාර්තා වුණා. ඊයේ (11) දිනයේ මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් පිළිබඳ තොරතුරු පහතින් දැක්වෙනවා.

මිනිස්සුන්ට ගෑස් පෙන්නූ ලීටර් 18 ගෑස් මිලත් අඩුවෙයි

මෙරට ගෑස් සපයන සමාගම් දෙක වන ලිට්රෝ සහ ලාෆ් ගෑස් සමාගම් විසින් වෙළඳපොලට හඳුන්වා දී ඇති ලීටර දහඅටේ ගෑස් සිලින්ඩර රුපියල් 1150.00කට අලෙවි කළ යුතු බව සඳහන් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය යටතේ ගැසට් නි​වේදනයක් නිකුත් කිරීමට වෙළෙඳ අමාත්‍යාංශය සූදානම් වනවා. ගෑස් මිලදී ගන්නා අවස්ථාවකදී ලීටර්වලින් මැනීමට පාරිභෝගිකයාට නොහැකි බැවින් ගෑස් සිලින්ඩරයේ බර කිලෝග්‍රෑම් 9.5ක්…

කොතලාවල පනතට එරෙහිව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, වෘත්තීය සමිති ඇතුළු රැසක් අද පාරට

කොතලාවල විශ්වවිද්‍යාල පනත, නිරෝධායන නීතිය අවභාවිතා කරමින් උද්ගෝෂණයේ යෙදෙන පිරිස් අත් අඩංගුවට ගැනීම, මජනතාවට අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට බාධා කිරීම යන කරුණු මුල් කර ගනිමින් අද කොළඹදී විරෝධතාවයක් සංවිධානය කර තිබෙනවා. මෙම විරෝධතා ව්‍යාපාරය සඳහා විශ්වවිද්‍යාල අචාර්යවරුන්,වෘත්තීය සමිති, බහුජන සංවිධාන, සිවිල් ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක් සහභාගී වීමට නියමිතයි. කොතලාවල පනතට විරෝධය පළ කිරීම සහ තවත් ගැටළු…

Place your ad here