Place your ad here

Daily Archives: July 16, 2021

තවත් ක්‍රිකට් ක්‍රීඩකයෙක්ට ආබාධයක්. ආබාධිත ගණන 3ක් දක්වා ඉහලට

ඉන්දියාව සමඟින් ක්‍රීඩා කිරීමට නියමිත සංචිතයට ඇතුළත්ව සිටින ක්‍රීඩකයෙක් වන ධනංජය ද සිල්වාද පිට කොන්දේ ඇතිවූ ආබාධ තත්වයක් පිළිබඳව පරීක්ෂා කිරීමට CT scan පරීක්ෂණයකට යොමු කර තිබෙනවා. වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් එක්දින සහ T20 කණ්ඩායම් වල උපනායකත්වය හිමිව තිබෙන්නේත් ධනංජය ද සිල්වාටය. කෙසේ නමුත් ඔහු මේ ආබාධය හේතුවෙන් තරඟාවලිය සඳහා ක්‍රීඩා කිරීම හෝ නොකිරීම පිළිබඳව…

රට ඉඳන් එන අයට නිරෝධායනය නෑ – අලුත් නීතිය මෙන්න

සංචාරක තහනමක් පනවා නොමැති රටවල සිට මෙරටට පැමිණෙන කොවිඩ් එන්නත් දෙකම ලබාගෙන ඇති පුද්ගලයින්ට පළමු දිනයේ සිදුකරනු ලබන PCR පරීක්ෂණයෙන් ඔවුන් කොවිඩ් ආසාදිතයින් නොවන බවට තහවුරු වීමෙන් පසු නිරෝධායනයට ලක් නොවී නිවෙස් වෙත යෑමට අවසරය හිමිවන පරිදි නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලවක් නිකුත්ව තිබෙනවා. එසේ විදේශ ගතව පැමිණෙන එම පුද්ගලයින් ගුවන් යානයට ගොඩ වීමට පැය 72…

ගිනිගත්හේනේ ගමක පොළවේ ඉරිතැලීමක් – ජනතාව ඉවත් කෙරේ(video)

ගිනිගත්හේන රන්ජුරාව සදසිරිගම ප්‍රදේශයේ පොළව පුපුරා යාමක් සිදුව තිබෙනවා. එහි සිටින ප්‍රදේශවාසියෙකු සඳහන් කළේ ග්‍රාම නිලධාරිවරයා දැනුවත් කිරීමෙන් පසු එම ප්‍රදේශයේ නිවාස 13ක පමණ ජිවත්වන ජනතාවට එයින් ඉවත්වන ලෙස දැනුම් දී තිබෙන බවයි. ඒ අනුව එම නිවෙස්වලින් ඉවත්වුවත් මේ ගැන කිසිදු බලධාරියෙක් නැවත පැමිණ කිසිදු සොයා බැලීමක් නොකළ බවද ප්‍රදේශවාසීන් කියා සිටිනවා.

ජෝෂප් ස්ටාලින් ඇතුළු පිරිසත් නිදහස් කෙරේ

දින 8 ක කාලයක් මුලතිව් ගුවන් හමුදා කදවුරක නිරෝධායනයට යොමුකර සිටි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා ඇතුළු පිරිස නිදහස් කිරීමට එම ගුවන් හමුදා කදවුර භාර බලධාරීන් කටයුතු කර තිබෙනවා. ඒ අනුව එම නිරෝධායන මධ්‍යස්ථානයට පසුගිය 8 වනදා රැගෙන ආ පුද්ගලයින් 15 කට ආසන්න පිරිසක් අද (16) දිනයේ මුදාහැරෙනු ඇති. කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල…

ඉන්දියාව සමඟින් තරඟ වදින අවසන් ශ්‍රී ලංකා සංචිතය මෙන්න

එළැඹෙන 18 වෙනිදායින් ඇරඹෙන ඉන්දියානු පිලේ ශ්‍රී ලංකා සංචාරය සඳහා තරඟ වදින ශ්‍රී ලංකා එක්දින සහ t20 සංචිත නම් කර තිබෙනවා. සියලුම එක්දින සහ t20 තරඟ සඳහා ශ්‍රී ලංකා පිළට නායකත්වය ලබාදෙන්නේ දසුන් ශානක වන අතර උප නායකත්වය ධනංජය ද සිල්වා විසින් දරනු ඇති. ආබාධයක් හේතුවෙන් කුසල් ජනිත් පෙරේරාට මෙම තරඟාවලිය අහිමි වනු ඇති අතර…

අවුරුදු 18ට වැඩි අයට හමුදා පුහුණුවක් දිය යුතුයි – සරත් වීරසේකර (video)

වයස අවුරුදු 18ට වැඩි සියළු පුද්ගලයින්ට හමුදා කඳවුරු තුළ පුහුණුවක් ලබා දිය යුතු බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා. වර්තමානයේ දී රටේ විනය පිරිහීමට ලක්වී ඇති බවත් මෙම වැඩපිළිවෙළ මගින් විනය ගරුක සමාජයක් ඇති කළ හැකි බවත් ඒ මහතා පෙන්වා දෙයි. ඔහු මෙම අදහස් පළ කළේ පානදුර අලුබෝමුල්ල ප්‍රදේශයේ පැවති උත්සව අවස්ථාවකට…

පළාත් අතර දුම්රිය,බස් ධාවනය තහනම් කෙරේ

පළාත් අතර බස් රථ සහ දුම්රිය ධාවනය හෙට(17) දිනයේ සිට නැවත දැනුම් දෙනතුරු අත්හිටුවා තිබෙන බව රාජ්‍ය ඇමති දිලුම් අමුණුගම මහතා පවසනවා පළාත් අතර සංචරණ සීමා පනවා තිබුණත් අත්‍යවශ්‍ය සේවා සඳහා පිට පළාත් වල සිට දුම්රිය හතක් පසුගිය 14 වැනි දින සිට කොළඹ කොටුව සහ මරදාන දක්වා ධාවනය කිරීමට පියවර ගෙන තිබුණා

වට්ස්ඇප් ගිණුම් මිලියන දෙකක් අවහිර කෙරේ

ලොව පුරා වට්ස්ඇප් ගිණුම් මිලියන දෙකක් අවහිර කිරීමට පසුගිය මැයි සහ ජුනි මාසවල පියවර ගත් බව වට්ස්ඇප් සමාගම සඳහන් කරයි. ඉන් බහුතරයක් ඉන්දීය පරිශීලකයින් විසින් භාවිත කළ ගිණුම් බව සඳහන් වේ. හානිකර හෝ අනවශ්‍ය ලෙස වර්ගකරණය කර තිබූ පණිවුඩ(spam) සීමාවන් ඉක්මවා නැවත නැවතත් අන් අයට යැවීම හේතුවෙන් මෙලෙස ගිණුම් අවහිර කල බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන්…

දුමින්ද නාගමුව දින 14 නිරෝධායනය අතරමග නිදහස් කෙරේ

දින 14ක නිරෝධායනය සඳහා පල්ලෙකැලේ නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටි දුමින්ද නාගමුව ඇතුළු 6දෙනා දින 9කට පසු අද ඉන් පිටව ගොස් තිබේ. කොම්පඤ්ඤ වීදිය රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව අසල උද්ඝෝෂණයක නිරතවෙමින් සිටියදී නිරෝධායන රීති උල්ලංඝනය කිරීමේ චෝදනාවට ඉකුත් 7 වනදා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දුමින්ද නාගමුව ඇතුළු පිරිස නිරෝධායනය සඳහා යොමු කර තිබුණි. මේ අතර…

ලංකාවට හොරෙන්ම ආපු පොහොර නැව කාගේද?

මෙරටට රසායනික පොහොර ආනයනය කිරිම තහනම් කර තිබියදී ඉන්දුනීසියාවේ සිට මෙරටට පැමිණ ඇති පොහොර නැවක් ගැන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා අනාවරණය කරනවා. ඒ අද පැවති ජනතා විමුක්ති පෙරමුණු මාධ්‍ය හමුවකදී. මෙරටට වාහන ගෙන්වීම සහ කහ ගෙන්වීම නිසි පරිදි නතර කලා සේම පොහොර ආනයන තහනම ක්‍රියාත්මක නොවන්නේ කාගේ අවශ්‍යතාව මතද යනුවෙන් තමන් මහින්දානන්ද අලුත්ගමගේ…

Place your ad here