Place your ad here

Monthly Archives: August, 2021

ගැබිනි රාජ්‍ය සේවිකාවනුත් සේවයට පැමිණීම අනිවාර්යයි

රාජ්‍ය සේවයේ නියුතු ගර්භණී කාන්තාවන් අද සිට අනිවාර්යෙන්ම සේවයට වාර්තා කළ යුතු බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කරනවා. ඔහු පෙන්වා දෙන්නේ ගර්භණී කාන්තාවන්ටද කො විඩ් එන්නත ලබා ගැනීම සුදුසු යැයි සෞඛ්‍ය අංශ නිර්දේශ කර ඇති මොහොතක, එම නිලධාරිනියන් පමණක් සේවයට නොකැඳැවීමට වෙනත් හේතුවක් නොමැති බවයි. මේ අතර ගැබිණි රාජ්‍ය…

ආණ්ඩුවේ තවත් පක්ෂයක් කොතලාවල පනතට එරෙහි වෙයි

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය ලබා නොදෙන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තමන්ට පොරොන්දු වූ බව අධ්‍යාපන මිලිටරිකරණයට එරෙහි ජනතා ව්‍යාපාරය සඳහන් කරනවා.

අද කාළගුණය – ප්‍රදේශ කිහිපයකටම වැසි

සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (02) දිනයේ වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව පළාතේ සහ අම්පාර දිස්ත්‍රික්කයේ ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. හම්බන්තොට දිස්ත්‍රික්කයේ සුළගේ වේගය විටින්විට පැ.කි.මී.…

බදියුදීන් පවුලට තවත් චෝදනාවක්

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ බිරිඳගේ සහෝදරයා විසින් තවත් 29 හැවිරිදි කාන්තාවක් ලිං ගික හිංස නයට ලක්කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ. තමාව අත වරයට ලක් කළ බවට අදාළ කාන්තා විසින් ප්‍රකාශ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. ඇය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ 2009 – 2010 කාලයේදී සේවය කර…

ගුරු – විදුහල්පතිවරුන්ට සේවයට එන්නැයි අධ්‍යාපන අමාත්‍යංශයෙන් ලිපියක්

රාජ්‍ය සේවය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම සඳහා රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය නිකුත් කළ නවතම චක්‍රලේකය අනුව යමින් පාසල් අධ්‍යාපනයට සම්බන්ධ කාර්ය මණ්ඩලයද කටයුතු කළ යුතු බවට අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා විසින් ලිපියක් යොමු කර තිබෙනවා. එහි සඳහන් වන පරිදි සෞඛ්‍ය උපදෙස් වලට අනුව රාජ්‍ය සේවය යථා පරිදි පවත්වාගෙන යාම සඳහා සියලුම පලාත්…

ලංකාවම රතු වෙයි – කො රෝනා අවදානම් කලාප දැක්වෙන අලුත්ම සිතියම

මෙරට කොරෝනා ව්‍යාප්තිය සිදුවන අධි අවදානම් සහිත ප්‍රදේශ ඇතුළත් නවතම සිතියම සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය මඟින් නිකුත් කර තිබෙනවා . ජුලි 24 වනදායින් අවසන්වූ පසුගිය දින 14 ක කාලය තුළ වාර්තා වූ රෝගීන් අනුව මෙම සිතියම නිකුත් කර ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරන්නේ.

උමාරියාට දුන් අධිකරණ තීන්දුව මෙන්න

රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ජනප්‍රිය ගායන ශිල්පිනී උමාරියා සිංහවංශ ඇප මත නිදහස් කර තිබෙනවා. ඇයගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට අධිකරණය විසින් තීරණය කර තිබෙනවා. ඇය අත්අඩංගුවට ගත්තේ ඊයේ(31) පස්වරුවේ ඇය ඔඇදවූ මෝටර් රථය ත්‍රීරෝද රථයක ගැටීමෙන් සිදුවූ අනතුරක් සම්බන්ධයෙන් වන අතර අනතුරට ලක්වූ ත්‍රීරෝද රථ රියදුරා මේ වන විට කොළඹ ජාතික…

ඇවන්ගාඩ් සේනාධිපති හඬපට වෙනස් කරලා – වැරදි පිළිගනී

හිටපු සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්රමසිංහ සහ ඇවන්ට්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති අතර පැවති දුරකථන සංවාදයක් සේනාධිපති විසින් පටිගත කර සංස්කරණය කර ඇති බව පරිපාලන අභියාචනා විනිශ්චය සභාව විසින් තහවුරු කර තිබෙනවා. 2019 සැප්තැම්බර් මාසයේදී යූටියූබ් වෙත මුදා හැර තිබූ එකී සංවාදය හේතුවෙන් වික්රමසිංහ මහත්මියගේ වැඩ තහනම් කර අනිවාර්ය සේවා නිවාඩු මත රාජ්ය සේවා කොමිසම විසින්…

හෙට සිට දුම්රිය ධාවනය වෙන හැටි මෙන්න

හෙට දිනය තුළ පිට පළාත්වල සිට සහ බස්නාහිර පළාත තුළ දුම්රිය ගමන්වාර 110 ක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුරන්දර මහතා පවසනවා. ඒ අනුව මහනුවර සිට දුම්රිය දෙකක් කොළඹ කොටුව බලා ධාවනය කරන බවත්, බෙලිඅත්ත, ගාල්ල, හලාවත, මහව සිට එක් දුම්රිය බැගින් පෙරවරු කාලයේ කොළඹ කොටුව දක්වා ධාවනය කරන බවත් ඔහු…

උමාරියා අද(01) අධිකරණයට

රාජගිරිය ගුවන් පාලම අසලදී සිදුවූ අනතුරක් හේතුවෙන් අත්අඩංගුවට පත්වූ ජනප්‍රියා ගායිකාවක් වන උමාරියා සිංහවංශ මහත්මිය අද දිනයේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. මෙම අනතුර සිදුව ඇත්තේ ඊයේ (31) පස්වරු 5.30ට පමණ ඇය ගමන්ගත් රථය ත්‍රීරෝද රථයක ගැටීමෙනි. මෙම අනතුරෙන් බරපතල ලෙස තුවාල් ලැබූ ත්‍රීරෝද රථ රියදුරා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා.

Place your ad here