Place your ad here

Daily Archives: October 11, 2021

ඉහළ දැමූ litro ගෑස් මිල යළි පහලට

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මිල වැඩි කළ ලිට්‍රෝ සමාගමේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ගණන් යළි සංශෝධනය කර තිබෙනවා. කිලෝග්‍රෑම් 12.5ක ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 75කින් පහත දමා ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව නව මිල : 12.5 kg – 2,675/= 5kg – 1,071/= 2.3kg – 506/=

Highland ඇතුළු දේශීය කිරි පිටි මිලත් ඉහළට

ආනයනික කිරිපිටි මිලට සමගාමීව දේශීය වශයෙන් නිෂ්පාදනය කරන කිරිපිටි මිළද ඉහළ දැමීමට සිදුවන බව පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන , කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා පවසනවා. ඊයේ (10) වාරියපොළදී කිරිපිටිවල මිල පාලනය ඉවත් කිරීම සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය දැනුම්දීම සඳහා කැදවා තිබූ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මෙම අදහස් පළකළා.

පාන්, බනිස් ඇතුළු බේකරි නිශ්පාදන මිලත් ඉහළට?

තිරිගු පිටි මිල ඉහළ දැමීම නිසා බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් අද (11) දහවල් පවත්වන බව බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කළා. බොහෝ දුරට පාන් ගෙඩියක මිල රුපියල් 5කින් ඉහළ යනු ඇති බවත්, සෙසු බේකරි නිෂ්පාදන මිල සම්බන්ධයෙන් පාරිභෝගිකයා පීඩාවට පත් නොවන අයුරින් මිල වැඩි කිරීමට බේකරි හිමියන්ටම ඉඩ ලබා දෙන බව ද එම…

“ඉන්ධන මිලත් ඉහළ දැමීමට අවශ්‍යයි” – ඛණිජ තෙල් නීතිගත සංස්ථාව

දැනට පැන නැගී ඇති තත්වය හමුවේ ඉන්ධන මිල ඉහළ දැමීමේ අවශ්‍යතාවයක්ද උද්ගතව ඇති බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පවසනවා. ඒ සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍යවරයාගේ අවධානයට යොමු කර ඇති බවයි කොළඹ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී සභාපතිවරයා සඳහන් කලේ. පසුගිය දින කිහිපය තුළ මෙරට ගෑස්, කිරිපිටි, තිරිඟු පිටි සහ සිමෙන්ති මිල…

තිරිඟු පිටි හා සිමෙන්ති වලටත් හොඳ මිලක් – අද(11) සිට ක්‍රියත්මකයි

අද(11) උදෑසන සිට ක්‍රියාත්මක වන පරිදි තිරිඟු පිටි කිලෝ ග්‍රෑමයක් රුපියල් 10 කින් ඉහළ දමන බව සෙරන්ඩිබ් සමාගම පවසනවා. එමෙන්ම කිලෝ පනහේ සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 93 කින් ඊයේ (10) සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට තීරණය කර ඇති බව සංස්ථා සිමෙන්ති සමාගම ප්‍රකාශ කළා. ඒ අනුව සිමෙන්ති කොට්ටයක නව මිල වන්නේ රුපියල් 1,098 ක්.…

ගෑස් වැඩිවීමත් එක්ක රයිස්,කොත්තු, ආප්ප,කිරි තේ ඇතුළු කෑම වල මිලත් ඉහළට

ගෑස් මිල වැඩි කිරීමත් සමග කිරි තේ ,බිත්තර ආප්ප ,රයිස් සහ කොත්තුවල මිල ඉහළ දමන බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසනවා. මේ පිළිබඳව ඔහු විසින් මාධ්‍ය වෙත කරුණු දක්වමින් සඳහන් කර ඇත්තේ ගෑස් මිල පාලනය කිරීමට ආණ්ඩුව වග බලා ගත යුතු බවයි. “දැන් ප්ලෙන්ටියක් රුපියල් 25යි .ඒ මිල අපි…

සතොස වංචා හෙළි කළ තුෂාන් පිටුපස සුදු වෑන් එයි

පසුගිය කාලයේ සතොස ආයතනයේ සිදුවන දුෂණ සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක හෙළිදරව් කිරීම් රැසක් සිදුකළ පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂක තුෂාන් ගුණවර්ධන මහතාගෙ නිවස අසල සැක කටයුතු සුදු වෑන් රථයක් සැරිසරන බව ඔහු සඳහන් කරනවා. පසුගිය නම වන දා, කිරුළ පාරේ පිහිටි සිය නිවස ආසන්නයට සුදු පැහැති වෑන් රථයක් පැමිණ තිබෙන බවත්, ඉන් බැසගත් පුද්ගලයෙකු තමාගේ නිවසේ…

Place your ad here