උඩරට මැණිකේ යළි බදුල්ලට
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් තාවකාලිකව නවතා දමා තිබු කොළඹ හා බදුල්ල අතර දුම්රිය ධාවනය අද (29) දිනයේ සිට ක්රියාත්මක කෙරෙන බව දුම්රිය ප්රධාන පාලක මැදිරිය පවසනවා. ඒ අනුව, උඩරට දුම්රිය මාර්ගයේ පොඩි මැණිකේ දුම්රිය පමණක් අද දිනයේ සිට බදුල්ල – කොළඹ අතර ධාවනය කෙරෙන බවයි දුම්රිය ප්රධාන පාලක මැදිරිය වැඩිදුරටත් සඳහන් කළේ.