Place your ad here

Monthly Archives: February, 2022

දිවි නැගුම නඩුවෙන් බැසිල් නිදහස්

බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව තිබූ දිවි නැගුම දෙපාර්තමේන්තුවේ මුදල් අවභාවිතා කිරීමට අදාල නඩුවේ තීන්දුව ලබාදෙමින් අද(01) ඔහුව නිදොස් කොට නිදහස් කරනු ලැබුවා. 2015 ජනාධිපතිවරණ සමයේ දිවි නැගුම දෙපාර්තමේන්තුවේ මුදල් අවභාවිත කරමින් රුපියල් දෙකෝටි 94 ලක්ෂයක මුදලක් වැයකර ලිත් ලක්ෂ 50 ක් මුද්‍රණය කර බෙදා හැරීමට කටයුතු කළ බවටයි එවක ආර්ථික සංවර්ධන අමාත්‍ය, වත්මන් මුදල් අමාත්‍ය…

මුහුදු තීරය කැළඹූ කිඹුලා අල්ලා ගස් බැඳලා

දින ගණනාවක සිට මුහුදු කලාපයේ සැරිසරමින් ජනතාව බියට පත් කළ කිඹුලෙක් පමුණුගම වෙරළ තීරයේදී අල්ලගැනීමට ප්‍රදේශවාසීන් කටයුතු කර තිබුණා. අඩි 10ක් පමණ දිගැති මෙම ගැට කිඹුලා ඊයේ (31) පස්වරුවේ අල්ලාගැනීමට කටයුතු කර තිබූ අතර වනජීවී නිලධාරීන් විසින් අද (01) අලුයම් කාලයේ පැමිණ කිඹුලා රැගෙන යාමට කටයුතු කර තිබුණා.

උසස් පෙළ උපකාරක පන්ති තහනම්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති අද (01) සිට විභාගය අවසන් වන තෙක් තහනම් බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ අනුව විෂයානුබද්ධ දේශන සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම යනාදිය ද අද සිට තහනම් වේ. 2021 වසර සඳහා වන අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ලබන 07 වන දින සිට මාර්තු…

Place your ad here