මෙරට 17 වන රජයේ විශ්වවිද්‍යාලය අද(11) විවෘත වේ
මෙරට 17 වන රජයේ විශ්වවිද්‍යාලය ලෙස වවුනියාව විශ්වවිද්‍යාලය අද(11) සිසු අයිතියට පත් කිරීමට නියමිතයි. යාපනය විශ්වවිද්‍යාලයේ වව්නියාව මණ්ඩපය ලෙස හැඳින්වූ මෙය සංවර්ධනය කර ව්‍යවහාරික විද්‍යා, කළමණාකරණ හා මූල්‍ය යන පීඨ තුනකින් සමන්විත වව්නියාව විශ්වවිද්‍යාලය ලෙස නම් කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම විවෘත කිරීමේ උත්සවය පැවැත්වීමට නියමිතයි.