යුක්රේන සහ රුසියානු සංචාරකයන්ගේ වීසා දීර්ඝ කෙරේ
මෙරට රැදී සිටින යුක්රේන හා රුසියානු ජාතික සංචාරකයන්ගේ වීසා කාලසීමාව ගාස්තු අය කිරීමකින් තොරව තවත් මාස දෙකකින් දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය හිමිවි තිබෙනවා. සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් අදාල යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණා. රුසියාව හා යුක්රේනය අතර හටගෙන ඇති යුධමය වාතාවරණය හමුවේ මතුව ඇති ගැටළුකාරී තත්වය සැලකිල්ලට ගනිමිනුයි මෙම තීරණය ගෙන ඇත්තේ.