Place your ad here

Daily Archives: March 15, 2022

“රට විනාසයි – එක්වෙමු” ස.ජ.බ. ය අද කොළඹට

සමඟි ජන බලවේගය විසින් අද(15) කොළඹ ජන රැලියක් සංවිධානය කර තිබෙනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධනත්වයෙන් පැවැත්වෙන මෙම ජන රැලියේ තේමා පාඨය වී ඇත්තේ ” රට විනාසයි – එක්වෙමු” යන්නයි. පවතින ආණ්ඩුවට විරෝධය පළ කරමින් පැවැත්වෙන මෙම ජන රැළිය අද(15) කොළඹ ස්ථාන කිහිපයකින් ආරම්භ වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

අමාත්‍යංශ දෙකක වගකීම් වලට වෙනසක්

කර්මාන්ත සහ පරිසර අමාත්‍යංශ වල විශය පථයන් සඳහා සංශෝධන කිහිපයක් එක් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් වී තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සනින් නිකුත් වී ඇති මෙම ගැසට් නිවේදනය පහත පරිදි වේ. http://documents.gov.lk/files/egz/2022/3/2271-08_S.pdf

Place your ad here