රටට ණය නැති පේරාදෙණිය ඉංජිනේරුවන්
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සංගමය විසින් ක්‍රියාත්මක කරන අරුණැල්ල සමාජ සත්කාර වැඩසටහනේ තවත් අදියරක් පසුගියදා සාර්ථකව නිමාවට පත් වූවා. ඒ තිස්මල්පොල කනිෂ්ඨ විද්‍යාලයට නව පන්තිකාමර ගොඩනැගිල්ලක් දායාද කරමින්. මෙම වැඩසටහන සම්මන්ත්රණ මාලාවක්, භෞතික සම්පත් නගා සිටුවීමේ ව්‍යාපෘතියක් සහ ශිෂ්‍යත්ව ප්‍රදාන වැඩසටහනක් ලෙස පියවර තුනකින් ක්‍රියාත්මක වනවා. යහපත් වූ අනාගත පරපුරක් උදෙසා යන තේමාව යටතේ…