යුක්‍රේන – රුසියා අර්බුධය නවතම තත්වය

Share

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට විරෝධය පළ කිරීමක් ලෙස ලොව දරුණුම හැකර්කරුවන් ලෙස සැලකෙන Anonymous හැකර්කරුවන් විසින් සියළුම රුසියානු මාධ්‍යයන් සහ ආරක්ෂක අංශ වෙබ් අඩවි පාලනය තමන් සතු කර ගැනීමට කටයුතු කර තිබෙනවා.

එමෙන්ම ඊයේ(26) දිනයේදී රුසියාව , යුක්‍රේනයේ විශාලතම ඉන්ධන ගබඩාවකට ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. මේ හේතුවෙන් අදාළ ගබඩාවේ තෙල් නලයක ඉන්ධන කාන්දුවක් හේතුවෙන් ගින්නක් හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර රුසියනු හමුදාව විසින් අත්පත් කරගෙන තිබූ යුක්‍රේනයේ ප්‍රධානම ගුවන්තොටුපල යළි අත්පත්කර ගැනීමට යුක්‍රේනය සමත් වී තිබෙනවා.

යුක්‍රේනයේ අන්තර්ජාල පහසුකම් සම්පූර්ණයෙන්ම පාහේ බිඳ වැටී ඇති අතර ඇමරිකානු ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් වන ඉලෝන් මස්ක් විසින් පවසන්නේ අන්තර්ජාල ගැටලුවට පිළියමක් ලෙස තම සිය ස්ටාර්ලින්ක් අන්තර්ජාල පහසුකම් මඟින් යුක්‍රේනයේ අන්තර්ජාල ගැටලුවට පිළියම් යොදන බවයි.

මේ වන විට රුසියාව තුළ පිටින් ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපයට එරෙහිව දැඩි විරෝධතා මතුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. රුසියානු තරුණ තරුණියන් දහස් ගණනක් වීදි බැස විරෝධය පළ කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

Place your ad here





Leave A Reply