රුසියානු මුදල් ඒකකය වන රූබලයක රුපියලයට සාපේක්ෂව වටිනාකම පසුගිය දින කිහිපය තුළ අවප්‍රමාණ වී ඇති බව නවතම දත්ත වාර්තා පෙන්වා දෙනවා.
මෙයට ප්‍රධාන හේතුවක් ලෙස සැලකිය හැක්කේ පවතින යුක්රේන – රුසියා යුධ තත්වය හේතුවෙන් ඇමරිකාව ඇතුළු ලොව බලවත් රටවල් රැසක් විසින් රුසියාවට සම්බාධක පැනවීමයි.
මෙම සම්බාධක හේතුවෙන් ඩොලරයට සාපේක්ෂව රූබලයෙහි අගය 20%කින් පමණ කඩා වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
පසුගිය දින කිහිපය තුළ රුපියලයට සාපේක්ෂව රූබලයේ අගය වෙනස් වීම පහත පරිදි වේ.