රුසියාව සහ යුක්රේනය අතර සාම සාකච්ඡා මේ වන විට ආරම්භ වී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. යුක්රේනය සහ බෙලාරුසය අතර දේශ සීමාවේදී මෙම සාකච්ඡා පැවැත්වෙනවා.
යුක්රේනය විසින් ඉල්ලා ඇත්තේ ක්ෂණික සටන් විරාමයකට එළැඹෙන ලෙසත් ඉන් පසුව රුසියන් හමුදා සිය රටෙන් ඉවත් කරගන්නා ලෙසත් ය. කෙසේ නමුත් දෙරට අතර සාම සාකච්ඡා ආරම්භ වී ඇති තත්වයක් යටතේ මේ වන විටත් රුසියානු හමුදා විසින් කීව් නගරය වෙත පහරදෙමින් පවතින බවයි වාර්තා වන්නේ.