රුපියල පාවේ – ඩොලරය 230ට – මහබැංකුවෙන් නිවේදනයක්

Share

වහාම කි‍්‍රයාත්මක වන පරිදි විනිමය අනුපාතය වෙනස් කිරීමට ශ‍්‍රී ලංකා මහබැංකුව තීරණය කර තිබෙනවා. ඒ අනුව මේ ව්න විට ඩොලරයක වටිනාකම රුපියල් 230 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ සම්බන්ධයෙන් වන විශේෂ නිවේදනයක් ඊයේ(07) රාත්‍රියේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරනු ලැබුවා. එහි අන්තර්ගතය පහත පරිදි වේ.

“බාහිර කම්පනවල දැඩි බව සහ දේශීය ආර්ථිකයේ මෑත කාලීන ප්‍රවණතා සැලකිල්ලට ගනිමින්, එවැනි ආර්ථික තත්ත්වයන්ට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 2022 මාර්තු 04වන දින පුළුල් ප්‍රතිපත්ති මාලාවක් ප්‍රකාශයට පත්කරන ලදි. එමෙන්ම, ශ්‍රී ලංකා මහ බැංකුව ගෝලීය මෙන්ම දේශීය වශයෙන් ඇතිවෙමින් පවතින සාර්ව ආර්ථික සහ මූල්‍ය වෙළඳපොළ ප්‍රවණතා සමීපව නිරීක්ෂණය කරන බවට නිවේදනය කරන ලද අතර, උද්ධමනය, විදේශීය අංශය සහ මූල්‍ය අංශයේ ස්ථායීතාව ළඟා කර ගැනීමේ අරමුණින් තවදුරටත් ක්‍රියාමාර්ග ගැනීමට සූදානමින් සිටින බවද දැනුම් දෙන ලදි.

ඒ අනුව, වහාම ක්‍රියාත්මක වන පරිදි, විනිමය අනුපාතිකයෙහි ඉහළ නම්‍යශීලීභාවයක් සහිතව ගනුදෙනු කිරීමට වෙළඳපොළට ඉඩ සලසනු ලැබේ. විදේශ විනිමය ගනුදෙනු එක්සත් ජනපද ඩොලරයකට රුපියල් 230 කට නොවැඩි මට්ටමක පවතිනු ඇතැයි ද මහ බැංකුව අපේක්ෂා කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුව තවදුරටත් දේශීය විදේශ විනිමය වෙළපොළෙහි ප්‍රවණතා සමීපව නිරීක්ෂණය කරමින් අවශ්‍ය පරිදි සුදුසු ප්‍රතිපත්ති ගැළපීම් සිදු කරනු ඇත.”

Place your ad here





Leave A Reply