රේල්ලුවට අලුතින් එන වාෂ්පයෙන් දුවන ලී පෙට්ටි

Share

ශ්‍රි ලංකා දුම්රිය ඉතිහාසයේ ප්‍රථම දුම්රිය ගමන සංකේතවත් කරමින් කොළඹ සිට අඹේපුස්ස දක්වා වාෂ්ප දුම්රියක් යෙදවීමට සැලසුම් කොට ඇති බව දුම්රිය සාමාන්‍ය අධිකාරි ධම්මික ජයසුන්දර මහතා පවසයි

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් යම් පසුබෑමකට ලක්ව ඇති සංචාරක කර්මාන්තය නගා සිටුවීමේ අරමුණින් මෙම දුම්රිය සේවාව පවත්වාගෙන යෑමට කටයුතු කරන බව ඒ මහතා පැවසීය.

එවකට මෙම දුම්රිය ගමන් කිරීමේදී දුම්රිය මගීන් අත්විඳි එම සම්ප්‍රදාය රස විඳීමට හැකිවන අයුරින් සියලු කටයුතු සංවිධානය කිරීමට බලාපොරොත්තු වන බව ද ඔහු පැවසීය.

මේ සඳහා අවශ්‍ය වන්නාවූ දුම්රිය ලී මැදිරි කීපයක නිමවීම මේ වන විටත් රත්මලාන දුම්රිය අංගනයේ සිදුකෙරෙන බව සඳහන් කරන ඒ මහතා මේ වන විට දුම්රිය දෙපාර්තමේන්තුව සතුව ධාවන තත්ත්වයේ යෙදවිය හැකි වාෂ්ප එන්ජින් තුනක් තියෙන බව සඳහන් කළේය.

එම එක එන්ජිමකට ලී මැදිරි හතරක් සවි කර මෙම සේවාව ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවද පැවසීය.

Leave A Reply