ලොවක් දිනූ මොරටු සරසවි ඉංජිනේරුවන්

Share

ලොව විශාලතම රසායනික ඉංජිනේරු සංවිධානයක් වන AIChE (American Institute of Chemical Engineers) ආයතනය සහ petroskills ආයතනය එක්ව සංවිධානය කරන ChemE-Sports නමැති තරඟාවලියෙන් ලෝකයේ සියළු රටවල් අභිබවා ජයගැනීමට ශ්‍රී ලංකා මොරටුව විශ්වවිද්‍යාලයේ රසායනික සහ ක්‍රියාවලි ඉංජිනේරු අධ්‍යන අංශයේ කණ්ඩායමක් සමත්ව තිබෙනවා.

ඇමරිකා එක්සත් ජනපදයේ බොස්ටන් නගරයේදී පැවති මෙම තරඟාවලිය සඳහා ලොවපුරා විශ්වවිද්‍යාල 25ක තරඟකරුවන් සහභාගී වී ඇති අතර ඉන් අවසන් වටය සඳහා සුදුසුකම් ලබා ඇත්තේ ඇමරිකානු විශ්වවිද්‍යාලයක් වන වර්ජිනියා විශ්වවිද්‍යාල සහ මෙරට මොරටුව විශ්වවිද්‍යාලයයි.

ආචාර්ය දිල්හාරා සේතුංග මහත්මියගේ මගපෙන්වීම යටතේ ඉදිරිපත්ව ඇති මෙම කණ්ඩායමේ නායකත්වය ගෙන තිබෙන්නේ ඉංජිනේරු ශිෂ්‍ය ඉෂාක් අහමඩ් ය. එම කණ්ඩායමේ සෙසු සාමාජිකයින් වන්නේ ලක්ෂාන් දිසානායක, තුෂර ගුණවර්ධන සහ මනේන්ද්‍රි උඩුවෙල යන ඉංජිනේරු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ය.

Place your ad here





Leave A Reply