ශ්‍රී ලංකාව තුළ Starlink අන්තර්ජාල සේවා හඳුන්වාදීම පිළිබඳව සොයාබැලීම සඳහා SpaceX සමඟ මූලික සබදතාවයන් පවත්වමින් ආරම්භ කරන ලද පළමු සාකච්ඡා වටය සාර්ථක වූ බව ශ්‍රී ලංකා විදුලි සංද්ශ නියාමන කොමිෂන් සභාව (TRCSL) නිවේදනය කරනවා.
මෙම සාකච්ඡාවේදී නුදුරු අනාගතයේ දී ශ්‍රී ලංකාව සඳහා සේවාව ආරම්භ කිරීමේ පූර්ව අවශ්‍යතා කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා.
StarLink යනු ලොව සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් වන Elon Muskගේ SpaceXආයතනය විසින් මුළු ලොවටම අධිවේගී අන්තර්ජාල පහසුකම ලබාදීම සඳහා ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතියකි. මෙම ව්‍යාපෘතිය මඟින් ලොව පුරා චන්ද්‍රිකා රැසක් කක්ෂගත කර එම චන්ද්‍රිකා අතර ජාලයක් නිර්මාණය කිරීමටයි ඔවුන් බලාපොරොත්තු වන්නේ.