ශ්රී ලංකා ක්රිකට් ආයතනය විසින් බංග්ලාදේශ ප්රිම්යර් ලීග් තරගාවලිය සඳහා සහභාගී වන ශ්රී ලංකා ක්රීඩකයන්ට විරෝධය පළ නොකිරීමේ සහතික නිකුත් නොකිරීමට තීරණය කර තිබෙනවා.
ලබන 21 වනදා ආරම්භ වීමට නියමිත තරගාවලිය සඳහා ශ්රී ලංකා ක්රීඩකයින් 09 දෙනෙකු තෝරාගෙන තිබුණා.
ශ්රී ලංකා ක්රිකට් ආයතනය විසින් ගත් මෙම තීරණය හේතුවෙන් බංග්ලාදේශ ප්රිම්යර් ලීග් තරගාවලිය සඳහා එක්වීමේ අවස්ථාව ශ්රී ලංකා ක්රීඩකයින්ට අහිමි වී යනවා.
ශ්රී ලංකා ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක, නිරෝෂන් දික්වැල්ල, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ පෙරේරා, තිසර පෙරේරා, භානුක රාජපක්ෂ, සීක්කුගේ ප්රසන්න, ඉසුරු උදාන යන ක්රීඩකයින් මෙවර තරගාවලිය වෙනුවෙන් තෝරාගෙන තිබුණා.