වනිදු T20 ශ්‍රේණිගත කිරීම් වල පහතට

Share

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නවතම ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් නිකුත් කර තිබෙනවා. එම ශ්‍රේණිගත කිරීම් අනුව ලොව අංක එකේ T20 පන්දු යවන්නා ලෙස ශ්‍රේණිගත කිරීම් වල ඉහළින්ම රැඳී සිටි මෙරට ප්‍රබල දඟ පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග තුන්වන ස්ථානය දක්වා පසු බැස තිබෙනවා.

එම ලැයිස්තුවේ ප්‍රථම ස්ථානය හිමිව තිබෙන්නේ දකුණු අප්‍රිකානු දඟ පන්දු යවන ක්‍රීඩක Tabraiz Shamsiටයි. දෙවන ස්ථානය ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩකයෙක් වන Josh Hazlewoodට හිමිව තිබෙන අතර ඔහු මෙවර ශ්‍රේණිගත කිරීම් වල ස්ථාන හතරක් ඉහළට පැමිණ තිබීමද විශේෂත්වයක්.

මේ දිනවල ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තරඟාවලියේ සිය හොඳම පන්දු යැවීම ලෙස ලකුණු 12කට කඩුළු 4ක් දවාගැනීමටද Josh Hazlewood සමත් වූවා.

Place your ad here





Leave A Reply