ලොව පුරා සිටින WhatsApp පරිශීලකයින්ට multi device login පහසුකම ලබාදීම මේ වන විට WhatsApp සමාගම විසින් අරඹා තිබෙනවා.
මෙම පහසුකම හරහා එක WhatsApp ගිණුමක් උපාංග(device) 4ක භාවිතා කිරීමේ පහසුකම හිමිවනවා. මෙම පහසුකම හරහා ජංගම දුරකතනය ක්රියා විරහිත කර ඇති අවස්ථාවකදී වුවද අනෙකුත් උපාංග හරහා WhatsApp භාවිතා කර හැකි වීම විශේෂත්වයක්.
මේවන විට multi device login පහසුකම WhatsApp Beta පරිශීලකයින්ගෙන් කොටසකට ලබාදී ඇති අතර ඉදිරියේදී සියලුම WhatsApp Beta පරිශීලකයින්ට පහසුකම ලබාදීමට නියමිතයි.