මින් ඉදිරියට face recognition තාක්ෂණය යොදා නොගැනීමට ෆේස්බුක් සමාජ ජාලය තීරණය කර ඇති බව මෙටා සමාඟම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.
ඒ අනුව ෆේස්බුක් සමාජ ජාලයට ඡායාරූපයක් හෝ වීඩියෝවක් එක් කිරීමේදී එහි සිටින පුද්ගලයන්ගේ මුහුණු ස්කෑන් කිරීමක් සිදු නොවනු ඇත.
මෙම තීරණයත් සමඟ ෆෝටෝ ටැග් කිරීමේ පහසුකමද අහිමි වන බවයි වාර්තා වන්නේ.
පරිශීලකයන්ගේ රහස්‍යභාවය සම්බන්ධයෙන් එල්ල වූ දැඩි චෝදනා හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගත් බව එම නිවේදනයෙහි සඳහන් වෙයි.
face recognition තාක්ෂණයත් සමග ෆේස්බුක් ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග පවා පසුගිය කාල සීමාවේදී ගෙන තිබුණි.